Posts

Showing posts from January, 2012

සුභාෂිතය

FONT DOWNLOAD ::  http://www.sriviwekaramaya.org/old/font/sandaru_normal3.ttf //26 - 50 26.   අමයුත් රස අහර වත් වඩවන                  ඔදස         කුසගත්  ගිනි නිවන  පමණට   බුදින       ලෙස         තෙද කිත් පතළ නිරිඳෝ නොමඳ   දන       රැස         නොකෙරෙත් ලොව සතුන්  රකිනා  විතර   මිස ඔජස වඩවන අමෘතය වැනි රස ආහාර  වුවද කුසගින්න නිවෙන තරමට අනුභව  කරන්නාක් මෙන්  තේජසින් හා කීර්තියෙන්  ප්‍රසිද්ධ රජවරු  ලෝක සත්ත්වයා  ආරක්ෂා කිරීමට අවශ්‍ය  ප්‍රමාණයට  වඩා වැඩයෙන්  ධනය රැස් නොකෙරෙති. 27.   පැනසන නොවන නිරිඳුන් ලද  රජ            සැපත         ගොරතර නිරාදුකටත් වැඩියෙන්                විපත         තිරසර නැණිනි නරවර  ලද එම                සැපත         සුරපුර සැපතටත් සිය ගුණෙනි                යහපත නුවණින් සරු වොන රජවරුන් ලබාගත් රජ සැපත  ඉතා දරුණු  අපා දුකටත් වඩා  විපතකි. ස්ථිර සාර  නුවණි න් යුතු රජවරුන්  බැවූ ඒ සැපතම දිව්‍ය  ලෝක  සම්පත්තියටත් වඩා  සිය ගුණයෙන් යහපත් වෙයි.  28.    බැලුමෙන් සිහි කිරීමෙන් පහසින්            නිතින         සසුනත් රකින මින් කුමු සියොතුන්         ලෙසින‍         කු