පුංචි පුංචි දේ තමා! එත්, නොසලකා හරින්න තරම් පුංචි ද?



ඇත්තටම පුදුමයි... එත්... ටික කට කල්පනා කලොත් අපි අපි ගැන කොහොම හිතන්න ඕනේ ද...? වෙලාවකට පුදුමත් හිතෙනවා ඇති... එත් ඒ වැරැද්ද ට හේතුව මොකද්ද? කොතනද? අපි ඇතුලේ ම ද? අපි මද? ටිකක් හිතන්න..

මන් මෙහෙම කියනකොට හැමෝටම හිතෙනවා ඇති මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා...

අඩු වියදමට ගන්න පුළුවන් අන්තරජාලය පරිහරනය කරන්න පුළුවන් උපාංග කියක් නම් අපි අතේ තියෙනවා ද? පුංචි ස්මාර්ට් ෆෝන් එකක්, ටැබ් එකක්, ලැප්ටොප් එකක්, එකී මෙකි නොකී උපාංග නම් තව කියක් ඇත්ද??

අන්තර්ජාලය පරිහරණ කරන කොට, අපිට අවශ්‍ය හෝ අනවශ්‍ය දේවල් සොයාගන්න අපි ගූග්ලේ search engine එක කොච්චර පාවිච්චි කරනවද? දවසට කොච්චර සැරයක් ඔය ගූගල් හෝම් page එක හරහා යනවද? මේ යන හැමවාරයක් පාසා අපි අර ගූගල් ලෝගෝ හරි. ගුගල් doodle හරි එක දකිනවා නේද?

හරි අපි මෙහෙම පුංචි දෙයක් මතක් කරන්න පුළුවන් ද බලමු? මේක අහන කිදෙනෙක්ට එක පාරටම ගූගල් ලෝගෝ එකේ පාට කියක් තියෙනවද? ඒ පාට මොනවද? ඒ ඒ පාට/වර්ණ මොන අකුරු වලටද යොදාගෙන තියෙන්නේ කියලා මතකද? දැන් ගුගල් ඕපන් කරලා බලන්න ඕනි නැහැ. පොඩ්ඩක් හිතන්න!!! මතකද? මතක ඒ පාට ටික? මතකද e අකුරේ පාට? ඔයාල ඔය දකින කළු සුදු ලෝගෝ  එක කිවතාවක් නම් වර්ණ සහිතව දැකලා ඇති ද?


google ලාංචනය  -  grayscale


මොකෝ හිතෙන්නේ? මොන අකුර ( අක්ෂරය ) මොන වර්ණයෙන් ද ඇත්තේ?? හැමදාම දකින නිසා වත් අඩුම ගානේ..? අමුතුවෙන් මතක තිය ගන්න ඕන දේකුත් නෙමේයි නේද .. නිතරම දකිනවා නම්? අඩුම ගානේ දවසට එක් වතාවක් වත් දකිනවා නේද?

අපි එදිනේදා දකින දේවල් කොච්චර ලගින් නිරීක්ෂණය කරනවද? ඒ නිතර දකින අහන දේවල් නිරීක්ෂණයේ මදි කමක් තියෙවා නේද? නැත්තම ඔය වගේ පුංචි දෙ අමතක වෙයි ද? , හැමදාම දකලාත්?

නිකමට හිතන්න, අපි ආස කරන කෙනෙක් ජිවිතේ මුල් ම වතාවට මග තොටේ දී දැක්කා  කියලා...
කොහොමද ඒ මුණ මතකේ සිටින්නේ? දවස් ගානකින් පස්සේ ත්?

අර "සද්ධර්ම රත්නාවලිය" ග්‍රන්ථයේ නන්ද මහතෙරුන් වහන්සේගේ කතා වස්තුවේ කියල තියෙන විදියට "දිවුල් ලාටු මුසු වයිති තර ව වැද ගන්නා සේ" ඒ චයාව අපේ හිතේ රැදෙනවා නේද?

ඇත්ත, එකට හේතුව ඒ චායව හිත ගත්ත නිසා කියලා වැඩි දෙනෙක් හිතන්න පුළුවන්.

 ඉතින් එහෙම එකපාරට දැකපු චායවක් හිතේ රැදෙන්නේ පුළුවන් නම් ඇයි මේ හැමදාම දකින වර්ණ 4 මතකේ රැදිලා නැත්තේ? බලන්න පොඩ්ඩක්... වර්ණ 4 යි.. ලොකු ගාන කුත් නෙමේ.. නිල්, රතු, කහ, කොළ. අඩුම ගානේ ඔය පාට ටික මතක තිබ්බා ද?

අපි අපේ ජීවතේ එදිනෙදා දකින පුංචි දේවල් කියක් නම් මෙහෙම මගහරිනවා ඇති ද? දෙයක් නිරීක්ෂණය කරන්න වටිනාකමක් තියෙන්නෙම ඕනි ද? අමුතුවෙන් මතක තියාගතයුතු නැති නිතර දකින දෙවල් කුණු කුඩේට දාන්න ම ඕනේ ද? හුගාක් පුන්චි දේවල් තමයි, එත් මේ හැමදේම කවදා හරි කොතනකදී හරි අපිට ඕනේ වෙනවා. ඒ නිසා පුළුවන් හැමදෙයක් ම මුලින් අධ්‍යනය කලොත්, නිතර දකින මේ පුංචි දේවල් අපිට අමතක වෙයි ද?

google ලාංචනය 



සද්ධර්ම රත්නාවලිය - නන්ද මහතෙරුන් වහන්සේගේ වස්තුව - Chapter 13
Link :- Chapter 13

Comments

  1. මේක නම් ඇත්ත කතාවක්.

    අපි ගොඩක් වැඩ වලට පවිච්චි කරන සමහර දේ වලදි , මටත් මේ ගැන තේරිලා තියේනවා.

    ReplyDelete
    Replies
    1. අපි හිතනවට වැඩ අපිට ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්.
      එත් මේ නොසලකා හරින දේවල් ඇත්තටම ජිවිතේ ට වටිනා තරම දැනේනේ කවුරු හරි මුනට ඇහුවම...

      බොහොම ස්තුති comment එකකින් දැනෙන දේ ලියන්නේ වෙලාව වැය කලාට.

      Delete
    2. අනිවා ඇත්ත !! :D
      හරි හරි සහෝ !! :D

      Delete

Post a Comment

Popular posts from this blog

How To Speed Up Your Torrents Easily

Configure Hotmail, Outlook.com, Gmail, Yahoo or AOL