මුල් බිජයේ රෝපණය සනිටුහන් වූ අයුරු..

දෙදහස් හා තුනේ මැදින් මස දහ නව වෙනි දින, එනම් මිට තෙදිනකට පෙර මෙම සිතුවිල්ල රෝපණය වුනෙ මා ඉගෙන්න ගන්නා සරසවි භුමියේ දේශනයකට සහබාගි වී සිටින අතරතුරුවය.

ජිවිතයේ blog එකක් අර්තානු කුලව බාවිතා නොකරපු මා හට මෙම උධ්‍යයොගය ගෙනදුන්නේ මගේ ජිවිතයට හිරු කිරණක් ගෙන දුන් විශේෂ පුද්ගලයකු නිසා... නාමිකව සදහන් නොකලද, ඈ හට මා මාගේ මුළු හදවතින් ම තුති පුදන්නෙමි.

එහෙත් මෙම සංකල්පයේ මූලය වුයේ මාගේ ගුරුවරයෙකි.. ගුරුවරයෙකු ලෙස ආමන්ත්‍රණය කලද, ඔහු ආචාර්ය්‍ය වරයෙකි. ඔහු නමින් Balachandran Gnanasekaraiyer.

මෙතුමා සමග සුහදව පන්ති කාමරයක හෝරාවක කාලයක් දේශනා ශාලාවක රැදී සිටියහොත්, ඒ රැදී සිටින්නා ජිවිතයට යමක් එක් කරගන්නවා නො අනුමානය. ඒ එතුමා ගේ ඉගැන්වීමේ ශීලයයි. පත පොතට අමතරව ලොව ඇති සතයක්, සබැ දෙයක් බෙදා හදාගෙන යතාර්ථය අවබෝද කරමින් එදිනෙදා ජිවිතයේ උදාහරණයකින් යම් යම් දේ ඉගැන් වීමයි..


ඔහුගේ දේශනය අතරතුර "think out of the box" සංකල්පය ඕනෑම මුන ගසෙන්නෙකුට ඔහු කියදෙන්නකි.... ඒ ඔබ එසේ කරන්නේ කෙසේද කියා නොවන නමුදු ඔබ එසේ නොසිතීමට පෙළබි ඇත්තේ කිමෙක්ද යන්නයි. 

හුදෙක් කරුණු කාරණා මෙ සදහා රුකුල් දුන්නද ලාංකීය අධ්‍යාපන ක්‍රමය මෙ සදහා ඍජු වම බලපාන්නකි. ඒ පාසල් භූමියට පා තැබූ දින පටන් බොහෝදේ වන පොත් කල ද, එසේ කිරීමේ හැකියාව වැඩි දියුණු කල ද, තනිවම සීමාවෙන් ඔබ්බට දෙයක් සිතීමේ ශක්තිය දියුණු කිරීමට මග පාදා නොධුන් හෙයිනි.

එය සැබවින් ම සත්‍යක් නොවන්නේ ද කියා සිතුනු අවස්ථා නම් නෝ අනුමානයි. හුදෙක් අපි ඇසෙන සහ දකින දේ පමණක් නොව, පොත පත මට මුද්‍රණය කර ඇති දේ අභ්‍යන්තරයට නොසිතා විශවාස කරන හෙයිනි. මෙ අප විශ්වාස කරන පොත පත වුවද තවත් එක් මානවයෙක් විසින් නිම කරන ලද්දක් බව නොහැගෙනා අවස්ථා අනන්තයි, අප්‍රමානයි. එබැවින්, මෙ වැයම, ඒ කිවූ සංකල්පයට අඩිතාලමක් දමන්නටයි....

Comments

Popular posts from this blog

පුංචි පුංචි දේ තමා! එත්, නොසලකා හරින්න තරම් පුංචි ද?

How To Speed Up Your Torrents Easily

Configure Hotmail, Outlook.com, Gmail, Yahoo or AOL